top of page

රොබට් නොක්ස් අද සිටියා නම්, සියතින් ගෙල සිඳ ගනීවී.. ලියපු ටිකේ ලැජ්ජාව දැනිලා..

එදා රොබට් නොක්ස් දුටු හෙළදිව..


සිංහලයෝ වනාහි දඹදිව දී මා විසින් දක්නා ලද අන් හැම මිනිසුන්ටම වඩා යහපත් අයවෙති. භාග්‍ය සම්පන්නද වෙති. ඔවුහු මධුර කථා ඇති අතර ආදරශීලි මනුෂ්‍යයෝය. සිංහලයෝ ගුණධර්ම සැකෙවින් වර්ණනකරතොත්, මෙසේය. ඔවුන්ගේ ගමන් ලීලාවද හැසිරිමද ඉතා උදාරය. යම් කිසිවක් වහා තේරුම් ගත හැකි විචක්‍ෂණ ඥණයක් සිංහලයන්ට ඇත. ඔවුහු ස්වභාවයෙන්ම මස් කෑමත්, මත්පැන් බීමත්, අප්‍රිය කරති. ඔවුහු කිපෙන සුළු නොවෙති. කෝපයෙන් ඇතිවුවත් , වහා සන්සිදුවාගෙන සමගිවෙති. සිංහලයෝ ඇඳුමෙන් පිරිසිදුය. ඉතා ශිෂ්ඨ ලෙස ආහාර අනුභව කෙරෙති. වැඩිවෙලා නොනිදති.


සිංහල ස්තීන්ගේ හැසිරිම සුවිනීතය. ගමන ඉතා සංවරය. සිංහල ස්ත්‍රීහු අරපරෙස්සමේ ඉතා දක්‍ෂය. ස්වාමි පුරුෂයෝ ස්වකීය භාර්යාවන් අතිශයෙන් විශ්වාස කරති. සිංහල ස්වාමිදුව මහේශාක්‍ය වුවත්, දැසි දස්සන් සිටියත්, සියතින්ම සියළුම කටයුතු කෙරෙති.


සිංහලයෝ උදේ හවස පිළිම වහන්සේ ඉදිරියේ මල් පූජා කරති. නවගුණවැල් අතින් ගෙන නිතර භාවනාවේ යෙදෙති. හොරකම් අතිශයින්ම පිළිකුල් කොට සලකති. කිසිම සිංහලයෙකු කරවදාවත් හොරකම් කළ බවත් මම නොදනිමි. සිංහලයෝ කරුණා කරති. පරහට උපකාර කරති. ආගන්තුකයන්ට දයාවෙන් සංග්‍රහ කරති. සිංහලයෝ ළඟ මේ ගුණ ධර්ම ඇති බව මම අත්දැකිමෙන්ම දනිමි. සිංහලයන්ගේ භාෂාවද සිංහල මෙන්ම, පොහොසත්ය. එය මටසිලිටුය. සුමධුරය. අලංකාරය. සිංහලයෝ චතුර කථාකයෝය. සිංහලද්දීපයේ එකම හිඟන්නේක්වත් නැත.


අද ගැන කථා කිරීමට ඔබට අයිතිය ඉතිරි කරමි.. අද සිංහලයා ගැන ඔබේ අදහස් දැන ගැනීමට අප සැවොම කැමැත්තෙමු...


රොබට් නොක්ස් අද සිටියා නම්, සියතින් ගෙල සිඳ ගනීවී.. ලියපු ටිකේ ලැජ්ජාව දැනිලා..


 Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 01.10.2018





Designed by Ven.Kirulapana Dhammawijaya Thero

bottom of page