Sujatha Puthra Meditation Center
Your Membership ID
ධර්ම විකෘතියට හේතුව...
පළමුව කිව යුතු දෙයක් ඇත. මේ ලිපිය ලියන්නට අදහස් කළේ ලංකාවේ සිටින මිනිසුන්ගේ ඔලු සෝදා දැමීමට ය. සිදුවන කිසිම දෙයක් නිශ්චත ස්ථානයකින් ස්පර්ශ කිරීමට තරම් ප්‍රඥාවක් නැතිව මෙකළ ජීවත්වීම, තමන්ටත් සම්බුද්ධ ශාසනයටත් අහිතකර දෙයක් මිස හිතකර දෙයක් නොවන බව සිහි තබා ගත යුතු ය. ඒ නිසා මේ යථාර්ථයත් ඔබට ස්පර්ශ කරවීමේ අරමුණින් මේ කරුණ ලියා තබන්නට සිතුණි.
මෙකළ වන විට ඉතා භයානක ලෙස මේ සම්බුද්ධ ශාසනයට අහිතකර දේවල් සිදුවන්නට පටන් ගෙන ඇති බව අපි කවුරුත් දනිමු. නමුත් බිය වන්නට කිසිත් නැත. භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨානයට අනුව තවත් වසර ගණනක් මේ ශාසනය රකින්නට යතිවරු පහල වී මෙය අනාගතයටත් ඉතිරි කර දෙන බව ස්ථීර ය. අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු ද නැත. නමුත් සිහි තබා ගත යුතු කරුණු කීපයක් සිහිපත් කරන්නට සිතුවෙමි. ඒ ඔබ හැමට මේ අනතුර දැක සිහියෙන් ජීවත් වීමට මාර්ගය පෙන්වීමට ය.
ශ්‍රී ලංකාව යනු මහා පුණ්‍ය භූමියකි. එහි පිහිටීමද අනිත් රටවල් කිසිවෙකුට නොලැබූ පරිදි ආශ්චර්යමත් ලෙස පිහිටා තිබේ. මහ මුහුදින් වට වුණ මේ සුන්දර රට පිළිබද ව ඈත අතීතයේ සිටම විවිධ විදේශිකයන්ගේ අවධානය යොමු වී ඇති අතර විවිධ උපක්‍රම යොදා මේ රට ආක්‍රමණය කිරීමට ඔවුන් උත්සහ කර ඇති බව ඉතිහාසයෙන්ද මනාව සනාථ කර ගත හැකි ය.
මුස්ලිම්වරු, ක්රිස්තියානිවරු වැනි අන්‍යාගමිකයන් ද ස්වකීය රටෙන් ස්ථීර නිදහසක් නොලැබූ කළ රට වටා ඇති විවිධ රටවල් වලට සංක්‍රමණය වී අත්හදා ඇති බව ලෝක ඉතිහාසය තුළින් මනාව පිළිබිඹු වේ. ඒ මේ සංක්‍රමණ කාලය අතරතුර ඔවුහු ලංකා භූමියටත් පය තබා බැලූහ. බුදු දහමෙන් පෝෂිත වුණු ලංකාවාසී බෞද්ධයන්ගේ මෙත් සිතින් මෙත් පහස ලැබූ ඔවුහු ලංකාවට ඇලුම් කලේ තමන්ගේ මව් රට මෙන් සිතා ය. ලංකාවාසී බෞද්ධයන්ගේ කරුණා සිතින් පහස ලැබූ ඔවුහු සිංහලයන් සමග අවාහ විවාහ ආදී කටයුතු ද සිදු කලේ ඉමහත් සතුටින් ය.
ඒ මේ ආකාරයෙන් පිරිසෙන් පෝෂණය වුණු මේ රට පසුව ඉපදුණු ඊර්ෂියාකාරයන්ගේ ඊර්ෂියාවෙන් ද මෝඩයන්ගේ මෝඩකමින් ද ක්රමාණුකූලව වර්ධනය වෙමින් මොළය නට වෙන්නට පටන් ගත්තේ මෑත කාලයකදී ය. තමන්ගේ පටු අරමුණු ඉටු කරගන්නට ලංකාව ආක්‍රමණය කර ගැනීම මුල් කර ගෙන ඔවුන් ඉන් පසු විවිධ සැලසුම් අදින්නට පටන් ගත්තේ ය. නමුත් ඔවුන් ලංකාවේ හයිය දුටුවේ එවිට ය. භාවනානුයෝගීව භික්ෂුව වැඩ සිටියත් ලංකාවට වැරදි බැල්මක් වැටුණු කල පර්යංකයේ මකුලු දැල් කඩා ගෙන භික්ෂුව අවදි වුණේ මේ උතුම් පින් බිම මතු මතුත් සම්බුද්ධ ශාසනය රකින පින් බිම වශයෙන් ඉතිරි වන බව උන්වහන්සේලා දන්නා නිසා ය. අන්‍යාගමිකයින් එවිට මේ ශාසනය ගැන කාරණා කාරණා හෙවූ හ. ඔවුහු තථාගත බුදු රජාණන් වහන්සේගේ ධර්මය ගැන එවිට දැන ගත්තේ ය. මේ ධර්මයට අත නොතබා ලංකා භූමියට අත තැබීම සිහිනයක් බව ඔවුහු දුටුවේ ය. අවුරුදු කීපයකින් ප්‍රතිඵල නෙලා ගැනීම ඉලක්ක කරගෙන ඔවුහු මේ ධර්මයට අත තැබීමට පටන් ගත්තේ ය.
චාල්ස් තෝමස් වැනි මිථ්යාදෘෂ්ඨිකයන්ව වෙස් ගැන් වූ ඔවුහු මිනිසුන්ගේ ශ්‍රද්ධාව ස්පර්ශ කරන්නට පටන් ගත්තේ ය. බුදුනුත් ජේසුත් එකම ධර්මයක් කීවේ යැයි පවසන ඔහු අනිත්‍ය දුක්ඛ අනාත්ම යන කරුණු බුදු පියාණන් වහන්සේ දේශණා කළ එකක් නොවන බවත් එය ලෝක ධර්මයක් බවත් ධර්මයේ සදහන් අයුරින් ම පෙන්වා ඒ නිසා මේක අවබෝධ කරගැනීමට ඒ දර්ශණයේම හැසිරිය යුතු නොවන බව ප්‍රසිද්ධ වේදිකාවල හාමුදුරුවන්වත් හිදුවා ගෙන ම කියන්නට පටන් ගත්තේ ය. අනිත්‍ය යන වචනයේ අර්ථයවත් දන්නෙ නැති මහාචාර්ය හාමුදුරුවරුන් ඒවාට සාධු නද දිදි අනුමෝදන් වූ හැටි සිහි වන විටත් දැනෙන්නේ සංවේගයක්ය. චාල්ස් තෝමස් සින්දුවෙන් රට අන්දවා බුදු දහම ගාවා ගෙන වේදිකා වල පසුබිම් සංගීතයට දහම් දෙසන්නට පටන් ගත්තේ ය. අන්යාගමිකයෙක් ධර්මය කථා කරන මැජික් එක මීට පෙර දැක නොමැති ලාංකිකකයන්ට එය අමුතු විජ්ජාවක් වූහ. නමුත් ඔහුගේ කරේ තවමත් ඇති කුරුසය ඔවුහු දැක නැතිවා සේ ය. ශාසනයට කරන විනාශය දැක නැතිවා සේ ය. ශ්‍රද්ධාව මෙලෙස ස්පර්ශ කළ ඔවුහු පිළිවෙලින් පිටිදූවේ සිරිධම්ම වැනි නිගණ්ඨයන් තමන්ගේ මුදලින් යට කර ගත්හ. බුදු දහම දෙපැත්තට දෝලනය වන තැනකට ඇද දැමූ පසු වහරක වැනි පරිබ්‍රාජකයන් යොදවා උතුම් ත්‍රිපිටක ධර්මයට අත තැබීමට පටන් ගත්තේ ය. මේ වන විට මීවනපලානේ ධම්මාලංකාර වැනි වෘද්ධ පබ්බජිතයින් බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුණා යැයි කියමින් තවත් මිනිසුන්ගේ මනස විසිරුවන්නට ද පටන් ගෙන තිබුණි. ප්‍රතිඵලයක් විදියට අද ගොඩ ගැනීමට බැරි තරම් බෞද්ධයන්ගේ මනස විසිරී ඇති බව සන්සුන් මනසකින් රට දෙස බලන්නෙකුට දැක ගත හැකි ය. නැවත ගොඩ ගැනීමට බැරි තරම් බිහිසුණු අගාධයකට මිනිසුන් වැටී ඇත. සිහියෙන් ජීවත් වන ඔබට දෙන පණිවිඩය නම්, මේ අනතුර දැක සිහි උපදවා ගත යුතුව ඇත. මේ ව්‍යසනය පැතිරීම වළක්වා ගැනීමට සිහි තබා ගත යුතු ය. දුටු තැන විනාශ කර දැමිය යුතු ය. දුටු තැන ප්‍රතික්ෂේප කළ යුතු ය. නැතිනම් ඔබ අපි තවත් අවුරුදු කීපයක් වාද විවාද කර කර සිටිනු ඇත. අවු 25ක් යන විට ප්‍රතිඵල දැක බලා ගත හැකිය. ත්‍රිකුණාමලයට යන්නට පාස්පෝට් වීසා ගසා ගන්නට වූ දාට, මහා සෑයට මලක් පූජා කරන්නට ටිකට් එකක් ගන්න වුණ දාට අත් දෙක ඔලුවෙ ගසා ගන්නට සිදු වනු ඇත. අවසානයේ මහා සෑ භූමිය ඩෝසර් කරන්නටද අනුමැතියට ඔබට අපිට අත්සන් කරන්නට සිදු වනු ඇත.. මේ ඔබේ අවස්ථාවය... රාජ්‍ය නොවන සංවිධාන විසින් ලක්දිවට අත තැබීමට පටන් ගෙන ඇත.. ද්‍රවිඩයන් යුද්ධ කළේ ආයුධ වලින් ය. මොවුන් යුධ වදින්නේ මොළයෙන් ය. බහුතරයකට එය ස්පර්ශ නොවන ගාණය.. එනිසා මේ බව හෙළිදරව් කළෙමු.. මෙතැන සිහි උපදවා ගත යුතු ව ඇත...
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 15.08.2018