තථාගත බුදු වරුන්ගේ පාද ස්පර්ශයෙන් පිරිසිදු භාවයට පත්වන තුන් ලෝක තලයටම ඇති එකම ආශ්චර්යවත් පින්බිම... උතුම් දඹදිවයි..
මේ උතුම් පින් බිම හැර අතීතයේද කිසිදු බුදු කෙනෙක් පහළ නොවූහ. මතුද පහළ නොවන්නේ ය.. සියලු බුදුවරුන්ගේ ජය භූමිය මේ උතුම් පින් බිම ම වන්නේය... හිමාලය මධ්‍ය ලක්ෂය කරගෙන වර්ථමානයේ නේපාලය, ඉන්දියාව, පෘතුගාලය ආදී නම් වලින් හැඳින්වෙන රටවල් ගණනක් වසා පැතිරෙමින් තිබූ මේ උතුම් පින් බිම අතීතයේ දඹදිව නම් විය..
මේ පින් බිම විශේෂිත පින් බිමක් ය.. බුදුවරුන් වෙනුවෙන් ම සෑදී ඇතිවා මෙනි.. මේ ලෝක ධාතුව තුල ඇති අනන්ත සක්වල අතුරින් මේ අප ඉපද ඉන්නා සක්වල මගුල් සක්වල නමින් හඳුන්වයි. එයට ඒ නම ලැබී ඇත්තෙ වෙනත් කිසිවක් නිසා නොව, බුදුවරුන් මේ සක්වලේම පමණක් උපදින නිසාවෙනි.. වෙනත් කිසිදු සක්වලක බුදු කෙනෙක් නූපදී. මේ සක්වලේද බුදුවරුන් සිය ජාතභූමිය වශයෙන් යොදාගන්නෙ දඹදිව ය.. එනිසා එය අවිජහිත භූමියක් ( කිසිදු බුදුවරයෙක් අත් නොහරින භූමියක් ) වන්නේ ය. උතුම් භූමියක් වන්නේ ය.. හැකි දිනක ඒ උතුම් පින් බිම වන්දනා මාන කරගැනීමට ඔබට හැකියාවක් ලැබෙනු ඇත.. එතෙක් ඒ අති උතුම් භූමිය මෙසේ දැක බලා ගැනීමට ඔබට අවස්ථාව සලසන්නට සිත් විය.. දැක බලා තුටු සිත් ඇත්තෝ වෙත්වා.. බුද්ධාලම්බණ ප්‍රීතියෙන් ගත සිත නිවී යත්වා... නිවන් පිණිසම වෙත්වායි පතමි..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 24.05.2018
