Sujatha Puthra Meditation Center
Your Membership ID
නේපාලයේ තියෙන යම් යම් සිදුවීම් නිසා ගොඩක් අය මගෙන් මේ කාරණාව පිළිබඳව ඇහුවා.. නේපාලයේ ඔය කියන තත්වය ගැන පහතම තියෙන ලින්ක් එකෙන් ටිකක් විස්තර දැන ගන්න පුලුවන් වෙයි.. Nirmala Bududahama කියන Profile එකෙන් තමයි මේ ලින්ක් එක උපුටලා ගත්තෙ.. ඉතින් ඒ ගැන කථා කරනවනම් නේපාලය ගැන තියෙන ඇත්තම කථාව මෙිකයි.. මම දැක්ක දෙයක් තමයි, එයාලා බුදු රජාණන් වහන්සේට මාර ලෙන්ගතුයි. හැම දේටම බුදුන්ව මූලික කරගන්නෙ. ලුම්බිණිය වුණත් දැන් තියෙන්නෙ නේපාලය කියන රටට අයත්වනෙ.. ඉතින් ඒකට පවා එයාලා Forces වල හැම කොටසකින්ම වගේ යොදවලා ඒක ආරක්ෂා කරනවා.. බුදුන් වහන්සේ ඉපදිච්ච තැන පවා එයාලා කොච්චර ආරක්ෂා කරනවද කියලා බැලුවොත් එතනට යම් ඒ තරම් විනාශකාරී බෝම්බයක් වැටුණත් එතනට හානි නොවෙන ලෙස එම ස්ථානය මේ වන විට සකස් කරලා තියෙනවා. එයාලා බුදු දහම කියන එකට ගරු කරනවා. හැබැයි ඒ ගරු කිරීම අමූලිකා ශ්‍රද්ධාවට ගිහින් තියෙන ගතියක් තියෙනවා.. එයාලා බුදු දහමට මාර විදියට ආදරෙයි.. නමුත් මේ උතුම් දර්ශණය නොදන්නා කම නිසා ඒක මෝඩ කම එක්ක මිශ්‍ර වෙලා.. ඒ කියන්නෙ එයාලා හැම දේටම බුදුන් මූලික කරනවා. උන්වහන්සේගේ පින්තූරයක් නැති කඩයක Board එකක් නැති තරම්.. shed වල නම මෙහෙ Lanka oil වගේ එහෙ තියෙන්නෙ Buddha oil කියලා.. Buddha Resturant, Buddha Wifi, Biddha guest house, Buddha Transpot, Buddha tourist වගේ ඒවත් ඕන තරම් තියෙනවා.. එයාලා ඒක බුදුන් විකුණන් කන්න කරනවා නෙවෙයි.. මේක හාස්‍යයට ලක් කරන්න කරනවා නෙවෙයි.. අපි පහන තියෙනවා වගේ එයාලා බුදුන්ව ඇදහීමටයි කරන්නෙ.. අපේ ගොඩක් අය Laughing Budda පිළිම තියාගෙන ඇදහුවා වගේ තමයි.. මේක හොඳ නැහැ තමයි. ඒත් එයාලා මේක විකුණන් කනවා නෙවෙයි.. ලෙන්ගතු කම භක්තිය වැඩි නිසා කරන දෙයක්.. මේකට කියන්නෙ අමූලිකා ශ්‍රද්ධාව කියලයි.. අපිට ලංකාවේ රජයක් විදියට මේකට මැදිහත් වෙන්න පුලුවන්.. අනිවාරෙන් අපි මැදිහත් විය යුතුයි.. ඒ අඩුපාඩුව පෙන්වන්න අපිට පුලුවන්.. එ්ත් තමන්ගෙ කුඹුර පුරන් වෙනකොට අනුන්ගෙ කුඹුරෙ තණකොළ ගලවන්න යෑම හාස්‍යයට කරුණක්.
තව කාරණාවක් කියන්න ඕන.. මේ කරුණු මම ගොඩක් දැන කියා ගත්තෙ Chandana Mgs කියන පින්වන්ත සහෝදරයගෙන්.. 150 වාරයකට වඩා ඒ පින් බිමට පය තියපු අත්දැකීම් රාශියකින් යුක්ත මේ පින්වන්ත සහෝදරයගෙ වචන නිකං අහක දාන්න කිසිසේත් පුලුවන් කමක් නැහැ.. ඉතින් තවත් මේ ගැන දීර්ඝ විස්තරයක් අවශ්‍ය නම් ඔහුව සම්බන්ධ කරගන්න ලෙස කරුණාවෙන් යුක්තව සිහිපත් කරනවා.. ඔහු ඔබට තවත් මේ ගැන විස්තර කියාවී. තෙරුවන් සරණයි..
https://m.facebook.com/story.php?story_fbid=352029898638615&id=100014948238402
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 24.04.2018