top of page

මාසික ප්‍රත්‍යය දායකත්වය කුමක් පිණිස ද ?

මාසික ප්‍රත්‍යය දායකත්වය කියන්නේ මොකද්ද ?


මාසික ප්‍රත්‍යය දායකත්වය කියන්නේ ඇත්තටම මේ ශාසනිකව සිදු කරන සියළු කටයුතු වල දි මාසිකව ගෙවීමට සිදු වෙන විවිධ වියදම් වලට අවශ්‍ය ප්‍රතිපාදන වෙනුවෙන් බුද්ධ ශාසනය කියන නාමය යටතේ අප විසින් දැනට සිදු කරන ශාසනික ව්‍යායාමයෙන් ප්‍රයෝජන ගත්ත, ප්‍රයෝජන ගන්න මිනිසුන් එකතු වෙලා දරන දායකත්වයට කියන නම..


මොන වගේ වියදම් ද මේ තියෙන්නේ ?


මේක කියලා නම් ඉවර කරගන්න ටිකක් අමාරුයි. නමුත් චුට්ටක් මතක් කරනවා නම්, අද වෙනකොට අපිට දේශනා සියල්ලම වගේ අන්තර්ජාලය හරහායි ශ්‍රාවකයන්ට දානය කරන්න වෙලා තියෙන්නේ. ඉතින් මේවාට යන අන්තර්ජාල වියදමත් පොඩි නැහැ. සාමාන්‍යයෙන් දැනට Routers 07ක් පමණ අපි ස්ථාන කීපයක පාවිච්චි කරනවා.


තඹුත්තේගම සුජාත පුත්‍ර භූමියේ ශබ්දාගාරයේ එකක්, ධර්ම ශාලාවේ එකක්, සංස්කරණය කරන ස්ථානයේ එකක්, කඩවත ශාඛාවේ දෙකක්, මෙහෙණි ආරාමයේ එකක්, ගාල්ල සෙනසුනේ එකක් වශයෙන්. සාමාන්‍යයෙන් තේරෙන කෙනෙක්ට කියනවානම්, එක බණක් පටිගත වෙලා ඉවර වෙලා අන්තර්ජාලයට එක් කරන්න 4GB විතර දත්ත වැයවීමක් තියෙනවා. ඉතින් මාසිකව ස්වාමීන් වහන්සේලා 20 නමක් එකතුවෙලා කරන අන්තර්ජාලය සම්බන්ධ ශාසනික කටයුත්තේ දී වැය වෙන දත්ත ප්‍රමාණය ම කියන්න තරම් පහසු එකක් වත් නෙවෙයි.


තවත් කියනවානම් ඔය සේනාසන හතරේ ම විදුලි බිල්, වෙනත් වතුර වැනි අවශ්‍යතා, සමහරක් විට පොඩි ස්වාමීන් වහන්සේලා ගේ වෙනත් විශේෂ බෙහෙත් වැනි අවශ්‍යතා, අපට අවශ්‍යතාවයන් ලෙස මිල දී ගන්න වෙන කැමරා සහ Meomery Chip වැනි උපකරණ වැනි නොයෙක් දේවල් වලට මාසිකව වියදම් වෙන මුදල ඉතා විශාලයි.


ඔය ඔක්කොම පැත්තකින් තියලා, අපි වළඳන දානය ගත්තත්, පිණ්ඩපාතයේ වැඩම කරන්න හැමදාම දින නැති නිසා, ධර්ම දේශනා, පටිගත කිරීම් වලට හෝ වෙනත් දේවල් වලට වෙලාව ටිකක් වෙන් කරන්න වෙලා තියෙන නිසා, ඒ සිවුපසය පවා අපි බොහෝ විට කරගන්නේ ඉතින් මේ ප්‍රත්‍යය දායකත්ව වලින්.


හැමදාම සිදු කරන Zoom වැඩසටහන්, වෙබ් අඩවියේ පවත්වා ගැනීම් වැනි සියල්ල අපිට අහින්සක මිනිස්සුන් ගෙන් සල්ලි අරන් කරන්න බැහැ. ඊට වඩා හොඳයි ඒවා නො කර ඉන්නවා. හැබැයි මේවා කොහොම හරි කරන්නත් ඕන නේ. අන්න ඒ දේවල් වලට වෙන වියදම් වැනි තවත් සමහර දේවල්, වාහන වල එන නඩත්තු කිරීම්, හොරු එහෙම පැන්නාම සෙනසුනට ඒවා වෙනුවෙන් යන වියදම් වැනි එකී, මෙකී, නොකී නොයෙක් දේවල් වලට තමයි මේ වියදම් සියල්ල යන්නේ.


හැමදේම සල්ලි කියන එකට පහසු වෙන්න හැදිලා තියෙන මේ ලෝකයේ මිනිසුන්ට අවශ්‍ය මේ පහසුකම් සියල්ල හදද්දි යන වියදම් තමයි මේ ඇත්තටම..


කාට ද මේ දායකත්වය ගන්න පුළුවන් ?


මේක ඇත්තටම ඕන කෙනෙක්ට ගන්න පුළුවන් දායකත්වයක්. කිසිම ස්ථීර මුදලක් මේකට නැහැ. තමන් කැමැති දවසක මේ ප්‍රත්‍යය දානය සිදු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මාසිකව එක දවසක් තමයි මේක භාරගන්නේ. හැම මාසෙම එක දවසක්.


ඒකටත් ස්ථීර මුදලක් නැහැ. කැමති ප්‍රමාණයකින් ගන්න පුළුවන්. අමාරු මාසෙක නොදා ඉන්නත් පුළුවන්.. ඒකේ කිසිම ගැටළුවක් නැහැ. එහෙම නැති වුණා කියලා අපි මේ කටයුතු නවත්වන්න නෙවෙයිනේ. පිණ්ඩපාතයෙන් හරි දානේ කටයුතු කරන්න පුළුවන් ලස්සන පැවිද්දක් නේ අපිට ලැබිලා තියෙන්නෙ. ඉතින් එහෙම යැපිලා ඉතිරි ශාසනික කටයුතුත් මේ විදියට ම නැතත්, ඒ විදිය බලලා ඒ ශක්ති ප්‍රමාණයෙන් සිදු කරන්න පුළුවන් වේවි.


අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ මොකද්ද ?


අන්තිමට කියන්​න තියෙන්නෙ ඉතින් ඇත්තටම බොහොම පින් සිදු වේවා කියලා තමයි. මොකද මේ ශාසනික කටයුත්තෙදි අපිට සීමා බලන්න බැහැ. බල බල ඉන්න වෙලාවක් නැහැ. ඉතින් මේ හැමදේම මට සිතැඟි පරිදි කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔබ සියළු දෙනාම එක්ව සිදු කරන මේ මාසික ප්‍රත්‍යය දායකත්වයන් නිසා.


සේනාසන කීපයක විදුලි බිලේ ඉඳන්, පානීය ජලයේ ඉඳන්, පොඩි ස්වාමීන් වහන්සේලා ගේ විවිධ අවශ්‍යතා, මෑණිවරුන් ගේ විවිධ අවශ්‍යතා ඔක්කොම බැලුවේ මේ ප්‍රත්‍යය දායකත්වයන් නිසා.


ඉතින් ඔබ හැමදෙනෙක්ට ම අනේක වාරයක් පින් සිදු වේවා.. උතුම් නිවන පිණිස ම වේවා කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා.


කොහොමද මේ දායකත්වය ගන්නෙ ?


මේ දායකත්වය ගන්න ක්‍රම දෙකක් තියෙනවා.


01. අන්තර්ජාලය හරහා ගෙවීම.

01. බැංකු ගිණුමට බැර කිරීම.


01. අන්තර්ජාලය හරහා ගෙවීම.


ඔබට දැන් ඔබේ මාසික ප්‍රත්‍යය දායකත්වය ඔබේ බැංකු කාඩ්පත හරහා ම ගෙවන්න පුළුවන්. එහෙම ගෙවනවා නම්, පහත ඇති යොමුවට ගොස් ඔබේ දායකත්වය එයට බැර කරන්න. ඔබේ පුණ්‍යානුමෝදනා පත්‍රය ඔබට එම ස්ථානයේ දී ම ලබා ගන්න පුළුවන් වේවි.



(පහත දක්වා ඇති පින්තූරයේ දක්වා ඇති ලෙස තෝරගන්න)


01. බැංකු ගිණුමට බැර කිරීම.


ඔබට සුපුරුදු පරිදි අප ගේ ගිණුම් අංකය වන,


8006622646

Kirulapana Dhammawijaya Thero

Commercial Bank

Thambuththegama


යන ගිණුම් අංකයට ඔබ ගේ දායකත්වය යොමු කරන්න පුළුවන්. එහෙම යොමු කරලා රිසිට් පත පහත තියෙන යොමුවට Upload කරන්න. එවිට ඔබේ පුණ්‍යානුමෝදනා පත්‍රය එම ස්ථානයේ දී ම ලබා ගන්න ඔබට පුළුවන් වේවි.


රිසිට් පත යොමු කළ යුතු යොමුව - Upload Receipt

1,083 views

Comentarios


bottom of page