සමථ භාවනාවකින් භාවනාව ආරම්භ කරනු කැමැති යෝගාවචරයන් වෙත ආනාපානසති උපචාර හෝ අර්පණා තත්වයන් උපදවා එයින් නැගිට විදර්ශනා කිරීමට පහසු වන පරිද්දෙන් දේශනා කොට ඇති කර්මස්ථාන දේශනා මාලාවකි. සතිපට්ඨාන දේශනා සාරයෙන් කායානුපස්සනා නිර්දේශයේ ඇති ආනාපානසති භාවනාව ඇසුරෙන් කර්මස්ථානය පියවරෙන් පියවර පැහැදිලි කොට දේශනා කොට ඇති අතර නිවන් කැමැති පිනැත්තන් විසින් සිහි නුවණ උපදවා භාවනාවේ යෙදීමෙන් නිසැක ඵලයක් ලබා ගත හැකි භාවනා කර්මස්ථාන දේශනාවකි.
top of page
bottom of page