මෙය අසුභ භාවනාව වඩනු කැමති යෝගාවචරයන් උදෙසා දේශනා කර ඇති කර්මස්ථානයකි. බුද්ධෝත්පාද කාලයක පමණක් ම ලෝකයට විවර වන, බුදුවරයෙකුගේ ඥානයට පමණක් ම ගෝචර වන, බුදුවරයෙක්ගෙන් පමණක් ම අසන්නට ලැබෙන භාවනා කර්මස්ථානයකි. මෙම භාවනාව වඩන යෝගාවචරයාට සංසාරය පිළිබඳ ව මහත් වූ සංවේගයක් ජනනය වීම පිණිසත්, අර්ථය, නිර්වාණය, යෝගක්ෂේමය, දිට්ඨධම්ම සුඛ විහරණය පිණිසමත් උපකාරී වන රාග ගිනි නිවාලන අමෘතය බඳු වූ භාවනාවකි. මෙහෙයින් ම අසුභ භාවනාව වඩන යෝගාවචරයා නිර්වාණය පරිභෝග කරන්නෙකු යන්න බුද්ධ දේශනාවයි. මෙම කර්මස්ථාන දේශනාව ප්‍රධාන වශයෙන් අසුභයෙන් ලබා ගත හැකි ධ්‍යාන දක්වා දිග හැර ඇති අතර, එතැන් පටන් විදර්ශනා කළ යුතු ආකාරය පිළිබඳ ව ද සැකෙවින් විස්තර කොට ඇත.
top of page
bottom of page