නිර්වාණය ළඟා කර ගනු ලැබීමට කැමැති සූධීන් වෙත එය පැහැදිලි ව වඩා ගත යුතු ආකාරය ගැන දේශනාවක් වර්මාතනයේ පෙනෙන්නට වත් නොමැති බව සලකා මේ ශුෂ්ක විපස්සනා කර්මස්ථානය කා හටත් යෝග්‍ය වන පරිදි දේශනා කොට ඇත. විස්තර සහ කරුණු ගණනාවකින් යුක්ත මේ කර්මස්ථාන දේශනා මාලාව සරල තැනකින් ආරම්භ කොට, පටිච්ච සමුප්පාදයෙන් කංඛාවිතරණය ඇති කර ගෙන නැවත මග්ගා මග්ග ඥාන දර්ශනයෙන් කරුණු පැහැදිලි කර ගනු ලැබුව උදයව්‍ය ඥානාදී නව මහා විදර්ශනා ඥානයන් සම්පාදනය කොට සංඛාර උපෙක්ඛා ඥානය තෙක් ම පැහැදිලි ව දේශනා කොට ඇති අතර එයින් මතු ලැබිය යුතු මාර්ග සහ ඵල අවස්ථාවන් වෙන වෙන ම පැහැදිලි කොට ඇත. සූධීන් ඵල නෙලා ගනිත්වා.
top of page
bottom of page