මෙය භාවනාවේ ශිල්පීය දැනුම සහිත කර්මස්ථානාචාර්යවරයන් බිහිකරන භාවනා පාඨමාලාවකි. ආධුණික සහ පැරණි යෝගාවචරයන් සියල්ලන්ට ම සහාභාගී විය හැකි වැඩසටහනකි. කර්මස්ථාන වැඩී ම මෙන් ම කර්මස්ථානයක් ලබා දෙන ආකාරය ගැන කථා කරන භාවනාව අනුසාරයෙන් උගන්වනු ලැබෙයි. විශේෂයෙන් ම කර්මස්ථානයක් ලබා දීමට හුරු කරවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ. ඒ අනුසාරයෙන් භාවනා වැඩීම සිදු කිරීමට ද ආරම්භ කල හැකි ය. උදෑසන 08.00 සිට 11.00 දක්වා භාවනා වැඩසටහන පැවත් වේ. සවස 01.00 සිට 04.00 දක්වා පුද්ගලිකව මුණගැසී සාකච්චා කිරීමට අවශ්‍ය අයට කාලය වෙන් කර දී ඇත. පැමිණෙන සියල්ලෝ ම පොතක් සහ පෑනක් රැගෙන පැමිණෙන්න.. ස්ථානය - කඩවත සුජාත පුත්‍ර භාවනා පුහුණු මධ්‍යස්ථානය.
top of page
bottom of page