මෙය මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව අළලා සිදු කරන ලද දීර්ඝ දේශනා මාලාවකි. මෙහි සතිපට්ඨාන නිදානයේ පටන් සතර සතිපට්ඨානයට අයත් සියලු කර්මස්ථානයන් පිළිවෙළින් දේශනා කර ඇත්තේ ය. භාවනා කර්මස්ථාන ලෙස ඉගෙන ගැනීමට හැකි වන පරිදි දේශනා කොට ඇති මෙම පාරිශුද්ධ ථේරවාදී නය දශමයකුදු ඉක්මවා නැති අපූරු කර්මස්ථාන දේශනා මාලාව ඒ ඒ දේශනාවන් සමග දක්වා ඇති උපදෙස් සිතට ගෙන භාවනාවේ යෙදෙනු. මේ කාලයේ ම අප විසින් සතර සතිපට්ඨාන දේශනාවට අදාළ කරුණු සියල්ල ම දක්වා ග්රන්ථයක් කරන ලද අතර එහි මුද්‍රණ පිටපත් ද, අන්තර්ජාලය ඔස්සේ මාතෘකා වශයෙන් ම තෝරා ගෙන පහසුවෙන් කියවීම පිණිස ද පහසුකම සලසා දී ඇත්තේ ය.
top of page
bottom of page