ගිරිමානන්ද සූත්‍රය පිරිත් පොතෙන් වූවත් දැකිය හැකි සූත්‍ර ධර්මයකි. එහි යෝගාවචරයෙක් විසින් වඩා ගත යුතු, සෘජු කරගත යුතු සඤ්ඤා 10ක් ගැන දේශනා වී ඇත. තවත් විදියකින් කිවහොත් මෙය භාවනා වර්ග 10කි. ඒවා නම්, 01. අනිත්‍ය සඤ්ඤාව 02. අනාත්ම සඤ්ඤාව 03. අසුභ සඤ්ඤාව 04. ආදීනව සඤ්ඤාව 05. ප්‍රහාණ සඤ්ඤාව 06. විරාග සඤ්ඤාව 07. නිරෝධ සඤ්ඤාව 08. සබ්බලෝකේ අනභිරත සඤ්ඤාව 09. සබ්බ සංඛාර්සු අනිච්ච සඤ්ඤාව 10. ආනාපානසති භාවනාව වශයෙනි. මේවා ගැන විටින් විට අවස්ථානුරූපීව කර්මස්ථාන දේශනා සිදු කර ඇති අතර මේ භාවනාව තුල ඔබට මේ සඤ්ඤා දහය පිළිබඳවම දේශනා අසන්නටත්, ඒවා වඩන්නටත් ඒ ඒ දේශනා විස්තර යටතේ උපදෙස් දක්වා කර්මස්ථාන දැක්වීම සිදු කර ඇත.
top of page
bottom of page