මෙම කර්මස්ථාන දේශනා පෙළ උපකාරක කර්මස්ථාන ශීර්ෂයේ දක්වා ඇත්තේ, දැනට මා විසින් සිදු කරන ලද ප්‍රධාන භාවනා වර්ග වලට උපකාර පිණිස මෙම භාවනාවන් යොදා ගත හැකි බැවිනි. නමුත් මෙම කර්මස්ථානයක් වූවත් මෙහි දේශනා සාරය ම ගෙන වඩන්නේ නම්, මෙම ඕනෑ ම භාවනාවක් උපකාරක භාවනාවක් ලෙස නොව, තමන් ගේ විමුක්ති ගමනේ ප්‍රධාන භාවනාව ලෙස වූව ද යොදා ගත හැකි වන පරිදි මෙම කර්මස්ථාන පිළිවෙලට සහ අවසානයක් වන තුරු ම දේශනා කොට ඇත්තේ ය. මේවා ඇති ආකාරය හොඳින් ශ්‍රවණය කොට, ඒ අනුව තමන් ගේ හිත හික්මවා ගැනීමට යෝගාවචරයන්ට හැකි වනු ඇත. එය සෘජුව ම නිර්වාණයට හෝ, ප්‍රධාන භාවනා කිහිපය තුළින් නිර්වාණය කරා යන ගමනට වක්‍ර ව හෝ ඔබේ විමුක්ති ගමනේ කළණ මිතුරෙක් ව මේ දේශනා සියල්ල වැඩ සිටිනු ඇත.
top of page
bottom of page