top of page

භික්ෂුන් වහන්සේලාට ධර්ම විනය ගැන විමති ඇති තැන් විමසීමට පැහැදිලිව අයිතියක් ඇත..

භික්ෂුන් වහන්සේලාට ධර්ම විනය ගැන විමති ඇති තැන් විමසීමට පැහැදිලිව අයිතියක් ඇත.. අපට එය නැවත්වීමට වුවමණාවක් නැත්තේ ධර්මය සහ විනය විවර වූ විටම බබළන බව අප දන්නා නිසා ය..


වර්ථමානයේ අප මුහුණ දෙන ඉතා ම බරපතල ගැටළුවක් නම් භික්ෂුන් වහන්සේලා ධර්මාර්ථ විකෘති කර සමාජය⁣ට සීමා රහිතව දායාද කිරීම ය. ඒ අතර අභිධර්මය ගැන නංවන ගැටළු, කථාවත්ථුපකරණය වැනි ග්‍රන්ථ වල අස්ථානය, අටුවාවන් හිරි ඔතප් නැතිව ප්‍රතික්ෂේප කිරීම වැනි දේවල් නො අඩුව සමාජයේ දක්නට තිබේ..


අපට ද දේශකවරු නිසා ධර්මය දේශනා කරමින් යන අතරතුර මෙවැන් විසංවාද වලට පිළිතුරු තැබීමට දේශනා අතරතුරත්, මුහුණු පොතත් නිතර භාවිතා කිරීමට සිදුව තිබේ..


නමුත් දැන් එය තීරණාත්මක තැනකට එළඹ ඇත. එවැන් සංවාද වලින් සමාජයට හෝ ඔවුන් ගේ ශ්‍රද්ධාවට හානි විය යුතු නැත.. බුද්ධියේ කැළඹීමට පමණක් ඉඩ විවර විය යුතු ය..


එනිසා මින් මතු එවැනි ධර්ම විනය කළඹන තැන් ද, අප ගේ දේශනා ද පුද්ගලික ගැටලු ද ප්‍රශ්න කරන අය ගේ සන්තාන ගත ව බුර බුරා නැඟෙන ධර්ම විනය ගැටලු නිරාකරණය කිරීම ද අප මුහුණු පොත හරහා සිදු කිරීමෙන් වැළකී සිටීමට තීරණය ක⁣ළෙමු..


මන්ද ඒ සියල්ලට ප්‍රමාණවත් පිළිතුරු තැබීමට කාලයේ අවකාශයක් අපට නැති බැවිනි..


එක් එක් අයගේ මානසික මට්ටම සමඟ ඒවා ශිෂ්ට හෝ අශිෂ්ඨ ලෙස ප්‍රශ්න කිරීම දක්නට ලැබෙන බව සාමාන්‍ය කරුණකි.. ඒ කෙසේ නමුත් ඔවුන් ඉස්මතු කරන වැදගත් කාරණා යටපත් විය යුතු නැත..


එනිසා මින් මතු ඒවා දේශනා මාලාවත් ලෙස Unstoppable නාලිකාවේ දින කීපයකට සැරයක් අලලා එකට ඛණ්ඩනය කෙරෙනු ඇති අතර, මුහුණු පොතේ හෝ වාද ස්වරූපයෙන් සිදු කරන සංවාද කරමින් මැරීමට කාලය අපතේ නො⁣යැවෙනු ඇත..


කාලයේ අවකාශය ලබන ලදුව ඒවා ධර්ම විනය මුල් තැන දෙමින් විසඳෙනු ඇත..


දේශපාලන මතවාදයන් පිළිබඳ කථාවන් ද කාගේවත් සිත් රිදීමක් ඇති නොකර බුද්ධියේ විමසුමට පාදක කරමින් දිග හැරෙනු ඇත..


එවැන් පිළිතුරු අවශ්‍ය ඕනෑම ගැටළුවක් 070 342 10 82 අංකයට Whatsapp පණිවිඩයක් ඔබට යොමු කළ හැකි ය..


 Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 14.08.2023



bottom of page