top of page

ශ්‍රී ලංකාවේ ජීවත් වන ජාතීන්..

ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22 කට ආසන්න වේ. එය දූපතක ජීවත් වන 11 වන විශාලතම ජනගහනයයි.


2012 වසරේ සංගණන වාර්තා අනුව ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ජාතීන් අතර සිංහල ජාතිය 74.9% ක් ද, ශ්‍රි ලාංකීය දමිළ ජාතිය 11.15% ක් ද, (දැන් එය 15.36ක් ලෙස වර්ධනය වී ඇත), ඉන්දීය දමිළ ජාතිය 4.12% ක් ද ආදී වශයෙන් දක්නට ඇත.


මීට අමතරව බර්ගර්, මැලේ සහ (දැනට ඉස්ලාම් ආගම අදහන මනුෂ්‍යයන් මුස්ලිම් ජාතිය නමින් ලංකාවේ දී හැඳින් වේ) මුස්ලීම් ජාතික කොටසක් ද දක්නට ඇත.


ඒ අනුව 70% ක් ථෙරවාද බෞද්ධයන් වන අතර එය මිලියන 15 ක් පමණ වේ. එය ලොව 6 හෝ 5 වන විශාලතම බෞද්ධ ජනගහයක් වෙසෙන රට වේ.


ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතික ආගම ථේරවාද බෞද්ධ වන අතර 12% ක් හින්දු භක්තිකයන්, 9% ක් ඉස්ලාම් භක්තිකයන්, 7% ක් ක්‍රිස්තියානි භක්තිකයන්, 1% නිරාගමිකයන් සහ වෙනත් ආගමිකයෝ වශයෙන් දක්නට ඇත.


බහුවිධ හා බහුසංස්කෘතික රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව, බොහෝ ආගම්, ජන වර්ග සහ භාෂා රැසකට නිවහන වේ. දිවයිනෙහි බහුතරය වූ සිංහල ජනතාවට අමතරව, එහි අනෙකුත් සුළු වාර්ගික කණ්ඩායම් ලෙස ශ්‍රී ලාංකික දෙමළ, ඉන්දියානු දෙමළ, මරක්කල, බර්ගර්, මැලේ, කාපිරි සහ ස්වදේශීය වැදි ජනතාව වාසය කරනු ලබයි.


නිල භාෂාව සිංහල භාෂාව සහ දෙමළ භාෂාව වේ.


Author: Ven.Kirulapana Dhammawijaya Thero

Date: 20.08.23

591 views

1 則留言


Supun
Supun
2023年9月12日

🙏🏻🙏🏻🙏🏻

按讚
bottom of page