top of page

මහත් පින්කමකට අවස්ථාවක්..

මෙවර සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ සිදු වෙන කඨින පින්කමට සමගාමීව අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගේ මඟ පෙන්වීම මත භාවනා කරන යෝගාවචරයන්ටත්, ධර්ම දේශනා ශ්‍රවණය කරන ශ්‍රාවකයන්ටත් ඇතුළුව සියලු දෙනාටම සහභාගි වී ජීවිතයේ අමතක නොවන උතුම් පුණ්‍ය මහෝත්සවයක් සංවිධානය කර ඇත.


ඒ අතරින්, කඨින චීවරයට දායක වීම, වස්සාවාසික චීවර සඳහා දායකත්වය, ආමිෂමය බුද්ධ පූජාමය පින්බර දිනයක් වෙනුවෙන් සම්බන්ධ වීම යන උතුම් පින්කම් සියල්ලටම දායක වීමට සුජාත පුත්‍ර භාරකාර මණ්ඩලය වන අප මේ වන විටත් ඔබට අවස්ථාව උදා කර දී ඇත.


දැන් ඔබට මේ පින්බර වස් කාලයේ සහභාගී විය හැකි අවසාන පින්කමේ දායකත්ව ගැනීමට ඔබට අවස්ථාවට එළඹී ඇත.


මෙය තරමක් විශේෂ පින්කමකි.


නොවැම්බර් මස 05 වෙනි දින හෙවත් අවසන් මහ පින්කම දිනයේ මුළු පින්කමේ ම දායකත්වය ගෙන ඇත්තේ අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසිනි.


පින්කමක් කරන විට එය කෙසේ සිදු කළ යුතු ද යන්නට හැමදාමත් චරිතාදර්ශී වන අප​ ගේ ලොකු ස්වාමීන් වහන්සේ එදින උදෑසන සම්බුද්ධ පූජාව, දහවල් සම්බුද්ධ පූජාව මෙන් ම ස්වාමීන් වහන්සේලා ගේ හීල දානයත් සුවිශේෂී අන්දමින් සිදු කිරීමට කටයුතු සියල්ල සූදානම් කර ඇත්තේ උන්වහන්සේ ගේ ම සැදැහැබර දායකත්වයෙන් අප වෙත මහත් පූර්වාදර්ශයක් දෙමිනි.


එමෙන් ම එදින දහවල් මහා සංඝරත්නය 50 නමක් විෂයෙහි විශේෂ සාංඝික දානයේ දායකත්වය ද, සියළු ස්වාමීන් වහන්සේලා ගේ පිරිකර දායකත්වය ද ගෙන කටයුතු කරන්නේත් අප ගේ ලොකු ස්වාමීන් වහන්සේ විසින් බව ගෞරවයෙන් යුතුව සිහිපත් කරමු. 🙏🏼


නමුත් ඔබ අප කෙරෙහි කරුණාවෙන් එම සුවිශේෂි පින්කමෙන් කොටසකට හෝ දායක වීමට කැමැත්තෙන් සිටින අප වෙත කරුණා කොට එයට දායක වීමට අපටත් අවස්ථාව උන්වහන්සේ විසින් උදා කොට ඇත.


ඒ ස්වාමීන් වහන්සේලා වෙත පූජා කරන ප්‍රධාන පරිෂ්කාර හැර, සෙසු පරිෂ්කාර වලට දායක වීමට ය. භික්ෂුන් වහන්සේලා 50 නමක් උදෙසා සිදු කරන මේ උතුම් දානමය පින්කමට ලොකු ස්වාමීන් වහන්සේ සමඟ පරිවාර සම්පත්තිය වී මෙලෙස දායක වන්නට ලැබීම ඉතා දුර්ලභ අවස්ථාවක් වනු ඇති බව මා ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ.


මේ නිසාවෙන් ඔබට හැකි ආකාරයකින්, ඔබේ ශක්ති ප්‍රමාණයෙන් මේ උතුම් කටයුත්තට කාය සාක්ෂි වෙත්වා🙏🏼


උතුම් පින්කමකට කොටස් කරුවෙන් වි සංසාරික ජීවිතය සුවපත් කරගනිත්වා🙏🏼


ඔබේ මුදල් ලොකු ස්වාමීන් වහන්සේ ගේ ගිණුමට බැර කළ හැකි ය. එසේ බැරකොට රිසිට් පත පහත දක්වා ඇති යොමුවට උඩුගත කිරීමට කාරුණික වන්න.


Upload Receipt


අන්තර්ජාලය හරහා මුදල් ගෙවන්නේ නම්, පහත ඇති යොමුවෙන් ගොස් ඔබට කැමැති පරිද්දෙන් දායක විය හැකි ය.


Pay By Card


ඔබ මේ යොමු කරන මුදලින් ස්වාමීන් වහන්සේලා ගේ තනි තනි අවශයතා සලකා බලා, ලොකු ස්වාමීන් වහන්සේ විසින් ම පරිෂ්කාර ගනු ඇති බවත් උන්වහන්සේලාගේ ඒවා මහත් ප්‍රයෝජනය පිණිස ම පවතිනු ඇති බවත් මෙත් සිතින් අවසනට සදහන් කරමු.


වෛද්‍ය ගයාන් ජයවර්ධන.

සුජාත පුත්‍ර භාරකාර මණ්ඩලය වෙනුවෙන්..

1,010 views
bottom of page