top of page

සුජාත පුත්‍රයන් ගේ කඨින මහා පින්කම - 2023 වර්ෂය

සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික ව සිදු කෙරෙන කඨින මහා පුණ්‍යෝත්සවය 2023 වර්ෂයේ නොවැම්බර් මස 05 වන දින කඩවත සුජාත පුත්‍ර නව භාවනා මධ්‍යස්ථාන ශාඛාවේ දී (ගිය වර ධාතුන් වහන්සේලා වන්දනාව පැවැත් වූ කඩවත අම්මා​ ගේ නිවසේ ඉහළ මාලයේ) පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.


මෙවර පින්කම ප්‍රධාන කොටස් හතරකින් යුක්ත වේ. ඒ මෙසේ ය.


01. ධාතුන් වහන්සේලා වන්දනා කර ගැනීම

02. කඨින චීවරය පූජා කිරීම

03. ස්වාමීන් වහන්සේලා උදෙසා සිදු කරන දානය

04. ප්‍රතිපත්තිමය භාවනා සතිය


01. ධාතුන් වහන්සේලා වන්දනා කර ගැනීම.


මෙම පුණ්‍ය කටයුත්ත නොවැම්බර් මස 01, 02 සහ 03 යන දිනයන් වල කඩවත සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන ශාඛාවේ දී සිදු කරනු ලැබේ. වැඩි විස්තර පසුවට දැනුම් දෙනු ලැබේ.


02. කඨින චීවරය පූජා කිරීම.


කඨින චීවරය පූජා කිරීමේ පින්කම ද මේ වර්ෂයේ කඩවත සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන​ ශාඛාවේ දී පැවැත්වීමට නියමිත ව ඇත. නොවැම්බර් 04 වැනි දා වෛද්‍ය ගයාන් ජයවර්ධන මහතා ගේ නිවසේ වන්දනාවට පාත්‍ර වන ධාතුන් වහන්සේලා සහ කඨින චීවරය නොවැම්බර් 05 වන ඉරිදා දින උදෑසන කඩවත සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවනු ලැබේ.


03. ස්වාමීන් වහන්සේලා උදෙසා සිදු කරන දානය.

නොවැම්බර් 05 වන ඉරිදා දින දහවල් සංඝයා වහන්සේලා උදෙසා පිරිනමන දානය පැවැත්වෙන අතර, එය ද කඩවත සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන ශාඛාවේ දී පැවැත්වෙනු ඇත. ඒ සඳහා සියලු ම සුජාත පුතුන් වහන්සේලා ද, වෙනත් ස්වාමීන් වහන්සේලා ද මහා සංඝරත්නය වෙනුවෙන් කාය සාක්ෂි ව එම දාන ශාලාවේ වැඩ සිටිනු ඇත.


04. ප්‍රතිපත්තිමය භාවනා සතිය.


මෙවර කඨින පුණ්‍යෝත්සවයේ සුවිශේෂී ම කොටස මෙය වනු ඇත. නොවැම්බර් මස 10 වැනි දා සිට 12 වැනි දා දක්වා තඹුත්තේගම සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ දී නිහඬ භාවනා දින තුනක් යොදා ගැනීමට තීරණය කොට ඇත. එම භාවනාවට සම්බන්ධ වීම සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය වන අතර එම ලියාපදිංචිය නොවැම්බර් 01, 02, 03 යන දිනවල කඩවත සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන ශාඛාවේ දී ධාතුන් වහන්සේලා වන්දනාව අතරතුර සිදු කෙරෙනු ඇත. මේ ගැන වැඩි විස්තර මතුවට දැනුම් දෙනු ලැබේ.

මෙම පුණ්‍ය කටයුතු වල දායකත්වයන් ගැනීම ඔබට සිදු කළ හැකි අතර ඒ ගැන මතු දැනුවත් කරනු ලැබේ. එතෙක් ඉවසීමෙන් බලා සිටින්න..


තෙරුවන් සරණයි.


1,834 views
bottom of page