top of page

තුන් දින විශේෂ බුද්ධ පූජා දායකත්වය

සුජාත පුත්‍ර භුමියේ සිදු කරන කඨින මහා පින්කම නොවැම්බර් මස 01, 02, 03 සහ 05 යන දිනයන් හි දී කඩවත පිහිටි සුජාත පුත්‍ර නව මධ්‍යස්ථාන ශාඛාවේ දී පැවත්වීමට කටයුතු සූදානම් කොට ඇත. තවත් එහි ඔබට දායක විය හැකි සුවිශේෂී පින්කම් දෙකක් ඉතිරිව ඇති අතර එයින් එක් පින්කමක් අද දිනයේ ඔබ වෙත භාර දෙනු ලැබේ.


සම්පූර්ණ දින හතරෙන් දින දෙකක් සුජාත පුත්‍ර භාරකාර මණ්ඩලය විසින් භාරගෙන සිදු කරන අතර අවසන් දිනයේ දානය සහ සියලු පින්කම් සිදු කරන්නේ අප ගේ පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ​ගේ සැදැහැති දායකත්වයෙනි.


මෙහි තවත් එක් දිනක් බුද්ධ පූජාව සඳහා ඔබ වෙත වෙන් කර දී ඇත.


  • ධාතු මන්දිරය සැරසීම,

  • විදුලි ආලෝකකරණය,

  • උදෑසන සහ දහවල් බුද්ධ පූජාව,

  • උදෑසන සහ දහවල් සාංඝික දානය,

  • සවස විශේෂ සම්බුද්ධ පූජාව,

  • සවස ස්වාමීන් වහන්සේලා ගේ ගිලන්පස පූජාව,

  • සවස බුද්ධ වන්දනාව,

  • සවස පිරිත් සජ්ඣායනය,

  • රාත්‍රියේ දී ලොකු ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන දම්සක් පැවතුම් සූත්‍රයේ විකාශන දායකත්වය,

  • ධර්ම දේශනා පරිෂ්කාර පූජා කිරීම,

  • පැමිණෙන සැදැහැවතුන් ගේ ගිලන්පස,

  • ඔවුන් ගේ රාත්‍රි ආහාර වේල,

වැනි පින්කම් රැසක් එක් දිනක කැටිවන මේ අපූරු පින්කමේ එක් දිනක සම්පූර්ණ දායකත්වය, මෙතෙක් මේ ධර්ම රසයෙන් සැනසුන ඔබ සියල්ලන් වෙත ලබා දීමට අපි තීරණය කොට ඇත. එය සුජාත පුත්‍ර ශ්‍රාවකයන් යන නාමයෙන් ආමන්ත්‍රණය වන පින්කමේ ඔබ​ ​ගේ දවස ය.


මෙයට යොමු කළ යුතු විශේෂ මුදල් ප්‍රමාණයක් නැත. ඔබේ ශක්ති ප්‍රමාණයෙන් ඔබට දායක විය හැකි ය. මෙය ඔබට සම්බන්ධ වීම පිණිස සිදු කරන පින්කමක් ය. මේ දවස ඔබගේ ය.


දායක වීම පිණිස සුපුරුදු ක්‍රම දෙක ඔබට අනුගමනය කළ හැකි ය.

01. අන්තර්ජාලය හරහා ඔබට ශක්ති ප්‍රමාණයක මුදලින් දායක විය හැකි ය. අප ගේ බලාපොරොත්තුව ඔබ සියලු දෙනාවත් මේ අපූරු පින්කමට දායක කර ගැනීම ය.


යොමුව - Online Payments

02. බැංකු ගිණුමට මුදල් තැන්පත් කිරීම.


ඔබට සුපුරුදු පරිදි ලොකු ස්වාමීන් වහන්සේ ගේ ගිණුම් අංකය වන,


8006622646

Kirulapana Dhammawijaya Thero

Commercial Bank

Thambuththegama


යන ගිණුම් අංකයට ද ඔබ ගේ දායකත්වය යොමු කළ හැකි ය. එසේ යොමු කොට රිසිට් පත පහත දක්වා ඇති යොමුව වෙත ගොස් Upload කරන්න. එවිට ඔබේ පුණ්‍යානුමෝදනා පත්‍රය ඔබ වෙත ලැබෙනු ඇත.


රිසිට් පත Upload කළ යුතු යොමුව - Upload Reciept

632 views
bottom of page