top of page

මේ හමුවීම නම් හරි ම සොඳුරු‍ හමුවීමක් 😊

අද දින සවස විශේෂ ධර්ම දේශනයකට සහභාගී වෙන්න සිදු වුණා. එය ඇත්තටම විශේෂ ධර්ම දේශනාවක්.


මම මහණ වෙලා ධම්මගිරි කියන සොඳුරු වන සෙනසුනට වැඩම කළ වෙලාවේ මට මුලින් ම වැඩ ඉන්න හම්බවුණ කුටිය මගේ පැවිදි ජීවිතේට‍ බොහෝම රස බර අර්ථයක් ගෙනත් දුන්න කුටියක්.


ඔය පින්වතුන්ලා අහලා ඇති මම නිතර කියන උපමාවක තියෙනවා ම⁣ගේ කුටියට එහා පැත්තෙ තිබ්බ ලස්සන දිය ඇල්ලක් ගැන.


ධ්‍යාන ගැන කථා කරද්දි ඔය දිය ඇල්ලෙන් ආපු ශබ්දයේ නිහඬ වීම ගැන මගේ සමාධිය පිළිබඳ දේශනාවක නැති තැනක් ඇත්තේම නැති තරම්.


ඒ කුටියට අපි ඉස්සර කිව්වේ ගම්පහ කුටිය කියලා. අර රේඩියම් ඇට සැකිල්ලක් ගැන‍ මං නිතර කියන්නේ.. 😊


අද ගම්පහ බණ එක කියද්දි තමයි දැනගත්තේ ඒ බණ එක සංවිධානය කරලා තිබ්බ අම්මා තමයි ඒ කුටිය හදලා‍ පූජා කරලා තියෙන්නේ ඒ සෙනසුනේ කියලා.


එදා අපූරු‍ කුටියකුත් පූජා කරලා, මම ඒ කුටියේ ඉඳන් ම දැන උගත් භාවිත කළ ධර්මය නැවත ඒ‍ අම්මලට ම කියලා දෙන්න පුළුවන්කම අද නැවත මට ලැබුණා.


සෙනසුනේ ණය ගෙව්වා වගේ හැඟීමක් මට අද දැණුනේ.


නිවැරදි ගුරුවරයෙක් කොච්චර වටිනවාද කියලා දේශනා කරපු බණ එක‍ හෙට විතර අන්තර්ජාලයට දාන්නම්.


මේ හමුවීම නම් හරි ම සොඳුරු‍ හමුවීමක් 😊


තවත්‍, මේ‍ පන්සල මමත් ගිහි කාලයේ ලොකු ස්වාමීන් වහන්සේගේ භාවනා‍ වැඩසටහන් වලට සම්බන්ධ වූ‍ පන්සලක්. අද එහි ම මට ධර්ම දේශනාවක්.


කාලය මැවු වෙනසක් කියලා කියන්න හිත ඉඩ දෙන්නෑ. කාලය එක්ක හැමදේම‍ අනිවාර්යයෙන් වෙනස් වෙන බව‍ අපි තක්කෙ⁣ට ම දන්න නිසා.


 Author: Ven.Kirulapana Dhammawijaya Thero

Date: 11.02.24


285 views
bottom of page