top of page

වචනයක්..

සිංහල බෞද්ධයා වැටී සිටින නරා වලෙන් ගොඩ ඒමට නම් පළමුව කළ යුත්තේ තම තමන්ගේ වගකීම හඳුනාගැනීම ය. තමන්ගේ බඩ ගෝස්තරය ගැන පමණක්ම සිතන දේශපාලුවෝ ද ඔවුන්ට හූ මිටි තබන හෙංචයියෝ ද මේ රට අමු අමුවේ දූෂණය කරන්නට පටන් ගෙන තිබෙන බව අපට පෙනෙන්නට ඇත.


කොයි තරම් ගැටලු මතු වී ආවත් අපට මොකැටැයි කියා නිවට වන සිංහලුන් එකළ නම් සිටියේ නැත. මෙකළ නම් වැඩි පුර සිටින්නේ එවැනි අධම නාමික සිංහලයෝ ය. එනිසා කම්මැලිකම් දුරලා නිදි ගැට කඩා දමා රට ජාතිය සහ ආගම රැක ගැනීමට වෙහෙස විය යුතු ය. විරුද්ධ වන්නන්ව කොන් කළ යුතු ය. ඉක්ම යන්නට පැමිණෙන්නන්ට තරහවකින් වෛරයකින් තොරව ජාතියේ ශක්තිය පෙන්වා දිය යුතු ය. නැතිනම් නිදි වැදී ඇති සිංහලයන් දැක අවදිව ඇති සිංහයෝ ද නගුට අකුලා මේ රට සුලු ජාතිකයන්ටම භාර දී අත් පිසිදා ගනු ඇත.


මේ බවට බිය සිංහල බෞද්ධයෝ ලංකාවේ අනාගත ඉරණම විසඳන්නට එක මිටකට එකතු විය යුතු ය. එසේ නොමැති වුවහොත් අනගාරික ධර්මපාලවරු, එස්.මහින්දවරු පළ කළ අනාවැකි අපේ දෑස් ඉදිරිපිටම සත්‍යයක් වනු ඇති අතර අපට ඇටි කෙසෙල් කෑ රිලවුන් සේ ඉන්නට සිදු වන බව නො අනුමාන ය.


නිවැරදි තීරණ වලට කැමතිව ප්‍රශ්ණය තමන්ගේ වීමට පෙර සිට ම මේ ජාතික වේදනාවෙන් ජීවත් විය යුතු ය. නහර නැත්තෝ සේ ජීවත් වීම සිංහල බෞද්ධයන්ට නො වටි. එසේ වුවහොත් කොයි කාටත් සැනසිලිදායක අනාගතයක් සාදා ගැනීමට මග පාදා ගැනීමට අපට හැකි වනු ඇත.


කිරුළපන ධම්මවිජය හිමි.

2019/06/11 වන දින දී ය.


bottom of page