top of page

ගැටපද විවරණ

01. කාම භූමි 11 කි.

අපාය 04, මනුශ්‍ය ලෝකය සහ දිව්‍ය තල 06 ඊට අයත් වේ.

රූප භූමි 16 කි. ඒ රූපාවචර ධ්‍යාන වලින් ලබන රූපාවචර බ්‍රහ්ම තල 16 ය.

අරූප භූමි 04 කි. ඒ අරූපාවචර ධ්‍යාන වලින් ලබන අරූපාවචර බ්‍රහ්ම තල 04 ය.

මෙසේ සියලු භූමි 31 කි. මේවාට එක්තිස් භූමිතලය යැයි කියනු ලබන අතර එක් සක්වල මෙවැනි භූමි තල 31ක් පිහිටා තිබේ.


02. සංස්කාර යනු හේතූන්ට අනුව සකස් වූ ඵලයන් ය. එම ඵලයන් නිසි ලෙස පවත්වා ගැනීමට හේතූන් යෙදීම බොහෝ වෙහෙසකර මෙන් ම පීඩාකාරී බව සංස්කාරයන්ගේ තතු විමසන්නෙකුට (විදර්ශනා භාවනා කරන්නෙකුට) මනාව වැටහේ. නිවන අයිත් වෙන්නෙ සංස්කාර ගොඩට නොවේ. එනිසා එය අසංඛත ධාතුවක් හෙවත් සංස්කාරයක් නොවන බැවින වෙහෙසකර හෝ පීඩාකාරී තැනක් නොවන බැවින් සැබෑ සැනසීම නිර්වාණ ධාතුව බව මොනවට පැහැදිලි වේ.


03. පංචස්කන්ධය යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාර සහ විඥ්ඥාණ යන ස්කන්ධයෝ පස යි. සත්වයා යන ව්‍යවහාරය මේ ස්කන්ධ පහේ එකතුව කෙරෙහි පැණවී ඇත්තක් බවත් හුදු හේතූ ඇති කළ ක්‍රියාත්මක වන ස්කන්ධ පංචකයක්ම මිස පැණවිය හැකි සත්ව පුද්ගල භාවයක් නැති බව බුද්ධ දේශණාවයි.

bottom of page