Sujatha Puthra Meditation Center
Your Membership ID
වචනයක්..
සකළ සත්ව සමූහයා කෙරෙහි පතළ මහා කරුණාවෙන් තෙත් වූ ළයැති අසරණ සරණ ලොවුතුරා බුදුවරයන් වහන්සේ සාරාසංඛ්‍යෙය කප් ලක්ෂාදී වශයෙන් අතී දීර්ඝ කාලයක් මුලුල්ලෙහි දැඩි දුක් ගෙන දානාදී සමතිස් පැරුම් සපුරා බුදු වන්නේ, සසර සයුරෙහි නිමගන්ව ජාති ජරා ව්‍යාධි මරණාදී දුක්ඛයන්ගෙන් හා අපායික දුක්ඛයන්ගෙන් පෙළෙන අසරණ සත්ව සමූහයා ඉන් ගොඩ නගා අමෘත මහා නිර්වාණ සංඛයාත ක්ෂේම භූමියෙහි පිහිටවනු පිණිස ය.
මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්මාදී සම්පත් බුදු සස්න නැත ද සත්වයෝ විසින් ලබන්නාහූ නමුත් සකල සංසාරිකාපායික දුක්ඛයන්ගේ අනුත්පාද නිරෝධය වූ නොනස්නා සුවය වූ ලෝකෝත්තර නිර්වාණය නම් බුදු සස්නෙන් ම මිස අන් සස්නකින් ලැබිය නො හැකි ය. ඒ නිවනට පැමිණීමට ඇත්තා වූ නොවරදින්නා වූ එකම මාර්ගය නම් යෝනිසෝ මනසිකාරය යි. කුඩා වූ නමුත් මේ පොත් පිංච ලියන්නට සිත් පහළ වුනේ නිවසක ඉන්නා අයෙක්ට වුණත් සරලව තේරුම් අරගෙන භාවනාවක යෙදෙන්නට සහ නිවන ගැන නැවත නැවත සිහිවන ආකාරයේ කරුණු මනසිකාරයට ගෙනෙන්නත් බැවින් දීර්ඝ විස්තර නැතත් භව දුක් නිමා කරගැනීමට රුචියෙක්ට අවශ්‍ය පදනම මේ පුංචි පොත් පිංච තුළ පවා තියෙන බව සිහි තබා ගත යුතු ය. එය අපගේ ආශ්චර්්යයක් නොව, ධර්මයේ ආශ්චර්්යයක් ය. එනිසා මේ පොත් පිංච සැදැහැ සිතින් කියවා ධාරණය කොට ගෙන භව දුකින් මිදීමට සියල්ලෝ වීර්්‍යය කළ යුතු ය.
මීට සසුන් ලැදි,
කිරුළපන ධම්මවිජය හිමි,
අභිධර්ම විශාරද, ත්‍රිපිටකාචාර්ය, කම්මට්ඨානාචාර්ය.
සැලකිය යුතු ය - ධර්ම දානය පිණිස කිසිදු දැනුවත් කිරීමකින් තොරව උපුටා ගත හැක අතර කතෘ අයිතීන් පළ කිරීමක් අවශ්‍ය නැත. මේ සියල්ලන්ගේම අයිතිය භාග්‍යවතුන් වහන්සේ සතු බැවිනි.