Sujatha Puthra Meditation Center
Your Membership ID
ස්තූතිය..
ස්තූතිය..
මේ ග්‍රන්ථය වෙත අප ගේ කාලීන ශාසන සේවාවේ විශේෂිත පුරුකක් වන, කළ්‍යාණ මිත්‍ර පූජ්‍ය තපෝවනයේ රතන නායක ස්වාමීන් වහන්සේ විසින් ලියා දුන් පෙරවදන වෙනුවෙන් ද, ග්‍රන්ථයේ සෝදු පත් ආදිය නිරීක්ෂණය කරමින් දින කිහිපයක් ම වෙහෙස වූ කඩවත ධම්මසාරී මෑණියන් වහන්සේ, වෛද්‍ය තිසරි අබේසිංහ සහ තරංගා දිල්හානි ජයසිංහ යන සහෝදරියන් වෙත ද, ඔවුන්ට ඒ අවකාශය ලබා දුන් පවුලේ හිතවතුන් වෙත ද, අප ව මේ ශාසනික දිවි ගමනේ දිරි ගන්වන අප ගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේ වන පූජනීය පනාමුරේ තිලකවංශ නායක ස්වාමීන් වහන්සේ වෙත ද, බණ දහම් කියා දුන් සියලු ගුරුවරුන් වෙ ත ද, රැක බලා ගනිමින් උපස්ථාන කරන සියලු ම මව්පියන් සහ සහෝදර - සහෝදරියන් වෙත ද, ග්රන්ථ අන්තර්ගතයේ වටිනාකම දැන එය මුද්‍රණය කොට බොහෝ දෙනෙක් හට නොමිලේ ම මේ ග්‍රන්ථය කියවීමට අවස්ථාව උදා කර දෙමින් ධර්ම දානය වෙනුවෙන් මෙම මුද්‍රණයට දායක වූ සියලු පින්වතුන් වෙත ද, මා ශාසනයට පැමිණීමට අවසර පැතූ විට නො පැකිළි ව ඊට අවසරය ලබා දුන් අප ගේ මව්තුමිය වෙත ද, ඊට අවශ්‍යය පාඩම කියා දෙමින් මිය පරලොව යන්නට යෙදුණු පියතුමන් වෙත ද, නිතර මාගේ ශාසනික කටයුතු වලට උපකාර වෙමින් සම්බුද්ධ ශාසනය බබළන සුජාත බුදු පුතුන් වහන්සේලා වෙත ද පුණ්‍යානුමෝදනා පූර්වක ව ස්තූති කරමි.
ඔබ සියලු දෙනාටමත්, මේ ග්‍රන්ථය පරිහරණය කරන සියලු දෙනාටමත් මෙයින් ජනිත වූ සියලු කුසලයන් හේතු උපනිශ්‍රය වී උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මාවබෝධය සැප ප්‍රතිපදාවකින් ම ලැබේවා ! යි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.
ඔබේ කළ්‍යාණ මිත්‍ර,
කිරුළපන ධම්මවිජය හිමි නම් වම් හ.