Sujatha Puthra Meditation Center
Your Membership ID
13. ධම්මානුපස්සනා කර්මස්ථාන විවරණය
දැන් ධම්මානුපස්සනා කර්මස්ථාන විවරණය වෙත පැමිණ ඇත. භාග්‍යවතුන් වහන්සේ විසින් ශුද්ධ වූ රූපය පරිග්‍රහණය කරමින් කායානුපස්සනාව දේශනා කොට වදාළ සේක. වේදනානුපස්සනාව සහ චිත්තානුපස්සනාව ශුද්ධ වූ අරූපය පරිග්‍රහණය කරමින් දේශනා කොට වදාළ සේක.
මෙහි රූප අරූප මිශ්‍ර ව පරිග්‍රහණය කරමින් ධම්මානුපස්සනා කර්මස්ථාන නිර්දේශය දේශනා කොට වදාළ සේක.
තව ද රූප ස්කන්ධය පිරික්සීමට කායානුපස්සනාව ද, වේදනා ස්කන්ධය පිරික්සීමට වේදනානුපස්සනාව ද, විඥාන ස්කන්ධය පිරික්සීමට චිත්තානුපස්සනාව ද දේශනා කොට වදාරා, සංඥා සහ සංඛාර ස්කන්ධ පිරික්සීම පිණිස ධම්මානුපස්සනාව දේශනා කොට වදාළ සේක.
එහි සියලු ම කර්මස්ථාන පහකි.
01. නීවරණ පබ්බය
02. ස්කන්ධ පබ්බය
03. ආයතන පබ්බය
04. බොජ්ඣංග පබ්බය
05. සච්ච පබ්බය වශයෙනි.
මේවා ගේ අන්තර්ගතයන් වල දැන ගත යුතු කරුණු රාශියක් ඇති බැවින් කර්මස්ථානයෙන් කර්මස්ථානය වෙන් කර විවරණය කරන්නෙමි.