top of page

07. පබ්බාජනීය කර්මය

පබ්බාජනීය කර්මය මුලින්ම සිදු කරන ලද්දේ අස්සජි-පුනබ්බසුක යන ඡබ්බග්ගිය භික්‍ෂුන් වහන්සේලා අතරින් දෙදෙනකුට ය. ඒ කුල දූෂණය කිරීම සම්බන්ධවය.


04. පටිසාරණීය කර්මය,

05. ඇවත් නොදැකීමේ උක්ඛේපනීය කර්මය,

06. ඇවතට පිළියම් නො කිරීමේ උක්ඛේපනීය කර්මය,

07. පාපී දෘෂ්ඨිය අත් නො හැරීමේ උක්ඛේපනීය කර්මය යනුවෙනි.



යම් තැනක මේ විනය කර්මය කරන්නේ එහි දී මේ අංග අනිවාර්ය විය යුතු ය.


01. චෝදනාවට ලක්වන භික්‍ෂුව හමුවේ සිටිය යුතු ය.

02. වරද ගැන පළමුව විමසා කළ යුතු ය.

03. වරද පිළිගැනීමෙන් පසුව කළ යුතු ය. (ලජ්ජීන් සඳහා මෙය කියන ලදී. යම් අලජ්ජියෙක් මෙය පිළි නොගන්නේ නම් ඇවත් නොදැකීමේ උක්ඛේපනීය කර්මය වැනි විනය කර්මයක් ඊට කළ හැකි ය. ඒවා පහත විස්තර කර ඇත.)

04. ඇවතකම කළ යුතු ය.

05. දේශණාගාමී ඇවතකම විය යුතු ය.

06. නො දෙසූ ඇවතකම විය යුතු ය.

07. චෝදනා කරම සිදු කළ යුතු ය.

08. සිහිපත් කරම සිදු කළ යුතු ය.

09. ඇවත නංවාම සිදු කළ යුතු ය.

10. සම්මුඛව සිදු කළ යුතු ය.

11. ධර්මයෙන් සිදු කළ යුතු ය.

12. සමගි වූ සංඝයා විසින්ම සිදු කළ යුතු ය.


නිතර නිතර භික්‍ෂුන් වහන්සේලා සමග අඩ දබර කරන සුලු වූයේ ද,

ඇවැත් බහුලකොට ඇත්තේ බාලයෙක් වේ ද,

ශාසණයට අනුලොම් නොවූ ගිහි සංසර්ගයෙන් යුක්ත වූයේ වේ ද,

ගරුකාපත්ති වලට පත්ව ඇත්තේ,

ආචාර විපත් වලට පත්ව ඇත්තේ,

විකෘති වූ දෘෂ්ඨි වල බැසගෙන ඇත්තේ වේ ද,

තෙරුවන්ගේ අගුණ කියත් ද,



මේ කර්මය සිදුකළ පසු දඬුවමට යටත් වූ භික්ෂුව විසින්


තමන් උපාධ්‍යාය වී හෝ කර්මාචාර්ය වී කිසිවෙක් උපසම්පදා නො කළ යුතු ය.

තමන් උපාධ්‍යාය වී කුල දරුවන් පැවිදි නො කළ යුතු ය.

නිස නො දිය යුතු ය.

භිඛුනෝවාද සම්මුතිය නො පිළිගත යුතු ය.

කලින් සම්මුතිය ලබා ඇත්තේ ද අවවාද නො කළ යුතු ය.

තජ්ජනීය කර්මය සිදු කළ ඇවත නැවත නො කළ යුතු ය.

එවැනි වෙනත් ඇවතකටද නොපැමිණිය යුතු ය.

තජ්ජනීය කර්මයට ගර්හා නො කළ යුතු ය.

ඒ කර්මය කළ භික්‍ෂුන්ට ගර්හා නොකළ යුතු ය.


bottom of page