top of page

02. මෝහාරෝපන කර්මය

සමහරක් භික්‍ෂුන් වහන්සේලා විසින් විනය පිටකය පිළිබඳව යම් තරමකින් හෝ අධ්‍යනයක් නොකරති. අඩ මසකට වරක් ප්‍රාතිමෝක්‍ෂය උදෙසන කල්හී ද එය සැලකිල්ලෙන් නො අසති. පසුව වැරදි කොට, මෙය වරදක් බව අපි නො දනිමු. මෙයින් ඇවතක් වේ යැයි අපි නො දනිමු. මේ ආකාරයේ සිකපදයක් ඇති බවත් දැන ගත්තේ දැන් ය ආදී වශයෙන් ඒ වරද නො දැන කළ එකක් සේ සංඝයාට ඇඟවීමට උත්සහ ගන්නේ නම්, එවැනි භිකෂුන් වහන්සේලා හික්මවීම පිණිස මේ විනය කර්මය කරති.


ශික්ෂා පද නො දැන සිටීම ගැලවිල්ලට කරුණක් නොවේ. එනිසා අදාළ ඇවත දේශණා කරවා, මීට පෙර දෙතුන් වතාවක් ප්‍රාතිමෝක්‍ෂය උදෙසීමට පැමිණ ඇති භික්‍ෂුවක් නම් එම භික්‍ෂුවට මෙම විනය කර්මය කළ යුතු ය. මේ කර්මය කළ පසු අදාළ භික්‍ෂුව නැවතත් තමන් තමන් සික පද නොදන්නේ යැයි කියමින් සංඝයාව වෙහෙසට පත් කළ භික්‍ෂුව පාචිත්තිය ආපත්තියකට පත් වෙයි.


bottom of page