top of page

3.3. ජාලිය සූත්‍රයෙන් හෙළි වන භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනා කෞශල්‍යය

එක් දිනක් මණ්ඩිස්ස නම් වූ පරිබ්‍රාජකයෙක් ද, ඔහු ගේ අතවැසියා වූ ජාලිය ද භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ භාග්‍යවතුන් වහන්සේ ගෙන් “භවත් ගෞතමය, ජීවයත් ශරීරයත් යනු කාරණා එකක් ද? දෙකක් දැ?”යි පැනයක් විමසී ය.

මොවුන් දෙදෙනා භාග්‍යවතුන් වහන්සේට දොස් නැඟීමේ අදහසින් මෙසේ ඇසූ හ. ඉදින් එකක් කිව හොත්, අපගේ වාදය වන උච්ඡේද වාදයෙහි වැටෙයි. දෙකක් කිවහොත් රූපය බිඳුන ද, ජීවය නො බිඳෙන බැවින් ශාස්වත වාදයෙහි වැටෙයි. මේ අදහසින් මේ කාරණාව ඇසී ය.


භාග්‍යවතුන් වහන්සේ දේශනාව ආරම්භ කළේ ය. ඔවුන් ගේ පැනය ගැන නො සිතා, භාග්‍යවතුන් වහන්සේට අවශ්‍ය දේශනාව ම කළ සේක. කුමක් හෙයින් ඔවුන්ට පිළිතුරු නො දුන්නේ ද යත්; ඔවුන් වාදාරෝපණය කිරීම පිණිස මෙය අසති යැයි දන්නා බැවිනි. මාගේ සසුන මේ අන්ත දෙක ම භජනය නො කර මධ්‍යම ප්‍රතිපදාවේ වැටී ඇත්තේ ය යන කාරණාව නො දැන මොවුන් මේ පැනය අසති. ඔවුන් ගේ පැනය නො විසඳා ම මාගේ ශාසනයේ ප්‍රතිපදාව හෙළිදරව් කරමි යි සිතා භාග්‍යවතුන් වහන්සේ දේශනාව සිදු කළ සේක.


දේශනාව සිදු කොට අවසානයේ “ඇවත්නි මම මේ රහත් බව දනිමි. නමුත් ශාස්වත හෝ උච්ඡේද දෘෂ්ඨියක බැස නො ගනිමි” යැයි දේශනා කළ සේක


(දීඝ නිකාය - ජාලිය සූත්‍රය)

bottom of page