top of page
Sujatha Puthra Meditation Center
Your Membership ID
1.2. භාග්‍යවතුන් වහන්සේ ගේ කරුණු දැන ගැනීමේ ක්‍රමවේදය.
භාග්‍යවතුන් වහන්සේ වනාහි සමහර කරුණු මසැසින් දැක දැන ගන්නා සේක. සමහර කරුණු දිවැසින් දැක දැන ගන්නා සේක. සමහර කරුණු පියවි කනින් අසා දැන ගන්නා සේක. සමහර කරුණු දිව්‍ය ශෝත්‍රයෙන් අසා දැනගන්නා සේක. ඇතැම් තැන් වල දී සර්වඥතා ඥානයෙන් දැන ගන්නා සේක. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ගේ කරුණු දැන ගැනීමේ ක්‍රම පසක් දකින්නට ඇත.
(දීඝ නිකාය අටුවාව - බ්‍රහ්මජාල සූත්‍රය)
bottom of page