top of page

විපස්සනා විනිශ්චය

ධර්මයේ ඇති රස මුසු තැන් එමට ය. නමුත් බොහෝ දෙනෙක් වෙත ​මේ ධර්ම රසය නිවැරදි ව සේන්දු නො වන්නේ, ඔවුන්​ ගේ ඇති ප්‍රඥාවේ මද භාවය නිසා ම නොව, ඔවුන්​ ට මේ ධර්ම කරුණු වටහා ගැනීමට ඇති අවකාශය ද මඳ නිසා ය. මීට කලකට කලින් රේරුකානේ චන්දවිමල නායක ස්වාමීන් වහන්සේ විසින් ධර්ම විනිශ්චය නමින් ග්‍රන්ථයක් රචනා කොට සාමාන්‍ය මිනිසුන් ගේ ධර්මය සම්බන්ධව පැන නැඟෙන ගැටළු බොහෝමයක් විසඳා දුන්නේ ය. තව ද මිලින්ද ප්‍රශ්නය වැනි ග්‍රන්ථ වලින් ද මිනිසුන් ගේ දහම් පිපාසාව තරමකින් සන්සිඳුවා ඇත්තේ ය. නමුත් විපස්සනා මාර්ගය හෙවත් නිර්වාණ මාර්ගය පිළිබඳ ව සොයන නුවණැත්තන් ගේ දහම් පිපාසය සන්සිඳවන්නට ඒ කිසිවක් සමත් වී නැති බව වර්තමාන ශ්‍රාවකයන් ව කියවා ගන්නා ඕනෑ ම අයෙක් ට පහසුවෙන් දැක ගන්නට හැකි ය. මේ ග්‍රන්ථය සකස් කොට ඇත්තේ ඒ මාර්ග පිපාසාව සන්සිඳවා ගන්නට කැමැත්තෙන් පසුවන යෝගාවචරයන් ගේ දහම් පිපාසය සන්සිඳුවීම පිණිස ය.

Already a participant? Log in

bottom of page