top of page
අද දින සවස විශේෂ ධර්ම දේශනයකට සහභාගී වෙන්න සිදු වුණා. එය ඇත්තටම විශේෂ ධර්ම දේශනාවක්.
මම මහණ වෙලා ධම්මගිරි කියන සොඳුරු වන සෙනසුනට වැඩම කළ වෙලාවේ මට මුලින් ම වැඩ ඉන්න හම්බවුණ කුටිය මගේ පැවිදි ජීවිතේට බොහෝම රස බර අර්ථයක් ගෙනත් දුන්න කුටියක්.
ඔය පින්වතුන්ලා අහලා ඇති මම නිතර කියන උපමාවක තියෙනවා මගේ කුටියට එහා පැත්තෙ තිබ්බ ලස්සන දිය ඇල්ලක් ගැන.
ධ්‍යාන ගැන කථා කරද්දි ඔය දිය ඇල්ලෙන් ආපු ශබ්දයේ නිහඬ වීම ගැන මගේ සමාධිය පිළිබඳ දේශනාවක නැති තැනක් ඇත්තේම නැති තරම්.
ඒ කුටියට අපි ඉස්සර කිව්වේ ගම්පහ කුටිය කියලා. අර රේඩියම් ඇට සැකිල්ලක් ගැන මං නිතර කියන්නේ.. 😊
අද ගම්පහ බණ එක කියද්දි තමයි දැනගත්තේ ඒ බණ එක සංවිධානය කරලා තිබ්බ අම්මා තමයි ඒ කුටිය හදලා පූජා කරලා තියෙන්නේ ඒ සෙනසුනේ කියලා.
