top of page

මරණින් පසු නැවත ඉපදීමක් නෑ ? පුනරුප්පත්තිය බොරුවක්..

විශ්ව බුද්ධලා ගේ පරම්පරාවේ කන්න නැති කමට මහණ වුණ උන්..


භාග්‍යවතුන් වහන්සේගේ මූලික බුදු දහම කැටි කොට ගත් දම්සක් පැවතුම් සූත්‍රයෙන් ආරම්භ කරන ලදුව, නොයෙක් සූත්‍ර අභිධර්ම කරුණු සිය දහසක් තුළ පුනර්භවය පිළිබඳ ව දේශනා කොට ඇත.


'යායං තණ්හා පොනොභවිකා' යන පාලි පාඨය ම එකට සාක්ෂි ය. පුනර්භවය ලබා දෙන තණ්හාව (The craving which gives rise to rebirth) යනුවෙන් අදහස් කළේ ම එම නැවත ඉපදීම ය.


අවිද්‍යාවෙන් ආරම්භ කරන පටිච්ච සමුප්පාද චක්‍රය අවසන් වන්නේ ජාතිය උරුම කර දෙන බව පසක් කරමිනි.


දස වස්තුක සම්මා දිට්ඨිය වත් ඇත්තෙක් නැවත ඉපදීම ප්‍රතික්ෂේප කරන්නේ නැත. එය නැති තැනත්තා නියත මිථ්‍යා දෘෂ්ඨිකයෙක් වී කල්පාවසානයේ දී වත් අපායෙන් නිදහසක් නො ලබන්නේ ය.


සසර ගැටළුවෙන් මිදීමට නොවේ නම්, මහණකම කුමකට ද ?


මහණ කම ඇත්තේ ම නැවත නැවත දුක් දෙමින් උපදවන සංසාර ගැටළුවෙන් නිදහස් වීමට ය.


එසේ නො මැතිව දේශපාලන පක්ෂ වලට මව්දෙමව්පියන් සමඟ නිර්වස්ත්‍රව කඩේ යෑමට නොවේ.


හාමුදුරුවරුන් ගේ අසහනය දුරු කරගැනීමට විශාඛාවට දුහුල් සළුවෙන් සැරසී පන්සල් එන ලෙස බුදුහාමුදුරුවො දේශනා කළා යැයි තමන් ගේ අසනහනය දුරු කර ගැනීමට තමන් කරන දේ පැවසූ මෙවැන් හිස් මුඩු බමුණෙක් ගෙන් මීටත් වඩා යමක් බලාපොරොත්තු විය නො හැක.


මොහොත තුළ ජීවත් වීමක් ගැනත් බුදුහාමුදුරුවො දේශනා කොට නැත. මොහොත තුළ නො ඇලී සිටීම ම දේශනා කළ සේක.


මන්ද එය තණ්හාවේ නිරෝධයෙන් ලැබිය හැකි විමුක්තිය ලබා ගැනීමට උපකාර වන බැවිනි.


එනිසා මෙවැන් හිස් බමුණන් ගේ මත ගණන් නො ගෙන, නුවණ මෙහෙයවා තම තමන් බුද්ධ ශාසනයේ ප්‍රතිඵල ලබා ගැනීමට වෙහෙසිය යුතු ය.


#කැළණි_නයා


 Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 21.01.2024




bottom of page