Sujatha Puthra Meditation Center
Your Membership ID
අන්තිමට දාපු නූගතුන් ගේ විසංවාද ක්‍රමය කියන ලිපියට බොහෝ ම අය කතා කරලා කිව්වා මේකේ ඉතිරි ටිකත් දාන්න පුලුවන් නම් වටිනවා කියලා..
ඒ නිසා පහුගිය දවසක ප්‍රියාන් මැණික්ට වූ සිද්ධියකුත් උදාහරණයකට අරන් ඒකේ සියළු ම කොටස් පැහැදිලි කිරීමක් සිද්ධ කරලා වීඩියෝ එකක් ම කළා..
සංවාද විසංවාද කරන සියළු දෙනාටම එක සේ ප්‍රයෝජනවත් වෙන, බුද්ධිමත් සමාජයක ප්‍රස්තුතයක් ඉදිරිපත් කරලා ඒකේ පිහිටලා ඉන්න හැටිත්, යම් සාවද්‍ය ප්‍රස්තුතයක් හරියට ම හරය නිෂ්ප්‍රභා කරලා බිඳින හැටිත් දක්වලා එම වීඩියෝ එකේ කරුණු දක්වලා තියෙනවා..
පක්ෂ විපක්ෂ - හිතවත් අහිතවත් සියළු දෙනාටම ගෞරවාන්විතව ආරාධනා කරනවා ඒක නරඹලා වැදගත් දෙයක් තිබ්බොත් අරගන්න කියලා..
එයින් ඔබ ඉදිරිපත් කරන අදහසකට සමාජය විරුද්ධ වුණත් නො සෙල්වී පිහිටලා ඉන්න හැටිත්, යම් කෙනෙකු ගේ ප්‍රස්තුතයක් කොහොමද ප්‍රබුද්ධ විදියට කඩන්නෙත් කියලා විස්තර සහිතව කතා කරලා තියෙනවා..
මොකද යම් අදහසක් ප්‍රතික්ෂේප කරන්න පාවිච්චි කරන වචන බොහෝ විට දෙවැනි වෙන්නේ ඊතලයක් විදින එකට විතරක් නිසා..
⭕️ https://youtu.be/EJ7iV7jvDtE
▪️Mentioned | Priyan Pushpakumara
▪️Special Thanks for the Facts |
https://themindcollection.com/revisiting-grahams-hierarchy-of-disagreement/#dh0-namecalling
The author of this letter & Ruchira Wijesena Sir (Senior Research Scientist)
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 16.08.2023