Sujatha Puthra Meditation Center
Your Membership ID
බෞද්ධ සමාජයේ ථූපාර්හ යන වචනය කථා බහකට ලක් වී තිබේ. මේ ඒ ගැන විනිශ්චය යි.
සමාජ මාධ්‍යය තුළ ඇතැම් හිමිවරු මෙන් ම ගිහි පින්වතුන් ද මෙයට අටුවා ටීකා සපයනු දුටිමි.
එහි දී අංගුත්තර නිකායේ ඇති ථූපාර්හ පුද්ගල සිවු දෙනා ගැන ගැන වර්ණනා කරන බොහෝ අය ස්ථූපයක් කරවිය හැක්කේ බුදු - පසේ බුදු - මහ රහත් - සක්විති යන සතර දෙනා වෙනුවෙන් පමණක් බව දේශනා කරනු දක්නට ලබේ.
එය විස්තර සහිතව උගත යුතු ය. නැතිනම් සමාජ ගත වන්නේ සාවද්‍ය මතයක් විය හැකි ය.
ඒ අනුව බලන කල, සිල්වත් පෘථග්ජන භික්ෂුවකට වඩා ගිහි ගෙයි වාසය කළ සක්විති රජු උසස් බව පෙනේ.
සක්විති රජවරුත් භික්ෂුව ඉදිරියේ දණ නමන බැවින් මේ කථාවේ පරස්පරය විසඳා ගත යුතු ව ඇත.
කුමන හෙයින් භාග්‍යවතුන් වහන්සේ සිල්වත් භික්ෂුවට නො අනුදත් ස්ථූපය ගිහි ගෙයි වැසි සක්විති රජුට අනුදැන වදාළ සේක් ද ?
ආශ්චර්වත් බැවිනි. සිල්වත් භික්ෂුන් කොතෙකුත් ඇති නිසා අපවත් වන විට චෛත්‍යය කළ හොත්, ලංකාවේ ඉඩක් නැතිවීමටත් ඉඩ ඇත.
එනිසා එය ආශ්චර්යවත් කරුණක් ලෙස නො වදාළ සේක. සක්විති රජ එක ම කෙනෙක් උපදි. එනිසා එය ආශ්චර්යවත් වන බව අනුදැන වදාළ සේක.
නමුත් මේ සූත්‍ර අටුවාව පැහැදිලි ලෙස මෙය කියා තිබේ.
'පුහුදුන් සිල්වතාට පිරිනිවන් පෑ භික්ෂුවට මෙන් මහත් වූ සත්කාර කිරීමට වටනේ ය'
මෙයින් මේ අර්ථය විසඳා ගත යුතු ය.
දෙවැනි කරුණ නම් ථූපාර්හ යන ගෞරව ලැබීමට සුදුසු අර්ථයෙන් මිස, ස්ථූප කිරීමේ අර්ථයෙන් ම නො වදාළ බව ද දැන ගත යුතු ය.
මේවා නො දත් අය ථූප යන වචනය අල්ලා ගෙන චෛත්‍ය කරවිය යුත්තේ ඉහත කී සතර වස්ථුවේ පමණක් බවට දේශනා කරති. ගෞරවය පිදිය යුතු ය යන අර්ථයෙන් නො ගනී.
එය සාවද්‍යය යැයි පැවසූනේ එබැවිනි.
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 22.02.2024