top of page

මෙත් වඩන සෑම භික්ෂුවක්ම භාග්‍යවතුන් වහන්සේගේ වචනයෙන්ම දායකයන්ට ණය නැති පරිභෝගයක් ඇති බව වදාළ සේක්මැයි..

මෙත් වඩන භික්ෂුවට දෙන්නා වූ දානය දායකයාට විශේෂයෙන් ම මහත්ඵල වන බව ද, මෙත් වඩන භික්ෂුවට සිව් පසයෙන් උවටැන් කරන දායකයා මහා සාගරයේ ජලස්කන්ධය සේ මහත් වූ පුණ්‍යස්කන්ධයක් ලබන බව ද මෙත් වඩන භික්ෂුව, සිව්පසය සපයන දායකයන්ට ණය කාරයකු නො වී රහතන් වහන්සේ කෙනකු මෙන් ස්වාමිත්වයෙන් සිව්පසය වළඳන බව ද තථාගතයන් වහන්සේ විසින් ප්‍ර‍කාශිත ය..


එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ ද වදාරා ඇති සේක..


මහ‍ණෙනි, රාත්‍රියේ අවසාන කාලය වූ බලවත් උදෑසන කාලයේ ඕෂධී තාරකාව යම් සේ ආලෝකවත් ව බබළා ද, මහණෙනි; එ පරිද්දෙන් භවභෝග සම්පත් ගෙන දෙන්නා වූ යම් කිසි පුණ්‍ය ක්‍රියා වස්තූහු වෙත් ද ඒ සියල්ලෝ ම මෙත්තා චේතෝ විමුත්තියේ සොළොස්වන කලාව පමණට නො අගනාහ. මේ චේතෝ විමුත්තිය ම ඒවා ඉක්මවා ආලෝකවත් ව බබළාය..


මෙයින් මෙත් වඩන සෑම භික්ෂුවක්ම භාග්‍යවතුන් වහන්සේගේ වචනයෙන්ම දායකයන්ට ණය නැති පරිභෝගයක් ඇති බව වදාළ සේක්මැයි..


එය ද බුද්ධ භාෂිතම බැවින් තථාගත සාසනයේ ණය නැතිව දන් වළඳන නොයෙක් උතුමන් තවමත් ඇති බව සිහි තබා ගත යුතු ය..


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 02.09.2022


bottom of page